Tuesday 26 June 2018

ලිපි



                            බුදූ දහමයි ලංකාවයි 

   පොසොන් පුර පසලොස්වක පොහොය දිනය අපට වැදගත් වන්නේ කුමක් නිසා ද යන්න හදුනා ගැනිම වැදගත් වේ .

අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨීය , උත්තිය , සම්බල ,බද්දසාල යන රහතන් වහන්සේලාත් ෂඞ් අභිඥාාලාභී සුමන සාමනේරයන් ද භණ්ඩුක නම් අනාගාමි උපාසකවරයා ද යන පිරිස ධර්ම විජය පිළිබද අනගිතම පනිවිඩය මූර්තිමත් කරමින් ශාන්තිය දූතයන් වශයෙන් අනුරපුර මිස්සක පව්වට වැඩම කර බු : ව 236 දී ලක්දිව බුදු සසුන පිහිටුවීම . 

බුදු  වී සිව්වන සතියේ  රුවන්ගෙයි වැඩහිදිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරිරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදිම.

ලක්දිව ප්‍රථම මහන උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්දාව සිදු වීම .




 ඉන්දියාවේ පැවැත්වු තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක රජතුමාගේ පූර්ණ සහය ලබා ගනිමින් මොග්ගලිපුත්තතිස්ස මහරහතන්වහන්සේ රටවල් නවයකට ධර්මදුතයන් වහන්සේලා පිටත් කර යැවීමට කටයුතු කළහ .ඒ අනුව මිහිදු මහරහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් දුත පිරිසක් ලංකාවට වැඩමවන ලදී . අන්රටවලට වඩා ශ්‍රි ලංකාවට එවන ලද දුත පිරිස සුවිශේෂයක් ගත් බව පැහැදිලි ය . දුත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය සුහදතාවය දැඩිලෙස පැවතිම වැදගත් ලක්ෂණයකි . මිහිදු මහරහතන්වහන්සේ අශෝක අධිරාජයාගේ පුතණුවන් වන අතර සුමන සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජයාගේ සංඝමිත්තා නම් දියණියගේ පුත්‍රයා වූහ . මෙවැනි රාජකීය දුත පිරිසක් ශ්‍රි ලංකාවට වැඩම වූයේ බුද්ධ පරිනිර්වානයෙන් දෙසිය තිස්හය වන වසරෙහි පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයක බව සදහන් වේ . 

   මිහිදු හිමියන් ප්‍රධාන බෞද්ධ ධර්ම දුත පිරිස අනුරාධපුරයේ මිහින්තලා කදු මුදුනට වැඩමවන අවස්ථාව වන විට ලංකාවේ පාලකයා වු දේවානම්පියතිස්ස රජතුමා පෙර සිරිත් පරිදි හතලිස් දහසක පිරිස සමග පොසොන් සැනකෙළිය සදහා මුව දඩයමේ යෙදෙමින් මිහින්තලා පර්වතය අසල කල්ගත කළේය . මිහිදු මා හිමියන් රජතුමා අමතා අපි ධර්ම රාජ වූ බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ වෙමු . ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට පැමිණියෙමු . යනුවෙන් ප්‍රකාශ කළහ . දෙවනපෑතිස් රජුගේ තුටු පඩුරුගෙන අශෝක රජතුමා වෙත ගිය අරිට්ඨ මහ ඇමතියන් මගින් තුණුරුවන් පිළිබද පණිවිඩය කලින් එවා තිබු හෙයින් පැමිණි මෙම දුත පිරිස පිළිබද සෑහෙන අවබෝධයක් දෙවනපෑතිස් රජතුමාට ලැබී තිබුණි . මිහිදු හිමියන් සහ රජතුමා අතර ඉක්මන් සුහදතාවයක් ගොඩනගා ගැනීමට එම තොරතුරු හේතු වුවාට සැක නැත . ඇති වු සුහද සාකච්ජාවෙන් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්ෂා කිරිම සදහා අඹ ගස් හා ඥාතින් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න මාලාව ඉතා වැදගත් ය . ලංකාවේ පැවැත්වු ප්‍රතම බුද්ධි පරික්ෂණය මෙය වු බැවින් එයින් රජතුමා සතු උසස් ඥාානය පිළිබදව පැහැදුනු මිහිදු හිමියන් චුල්ලහත්ථී පදෝපම සුත්‍රය මාතාකා කොට ධර්මය දේහනා කළහ .

 තුනුරුවන් පිළිබදවත් හාසනයට ඇතුළත් වීමත් භික්ෂුන්ගේ පැවැත්මත් ධර්මයෙන් ලබා ගත හැකි අග්‍ර ඵලයත් යන වැදගත් කරුණු පිළිබදව අවබෝධයක් ලැබිය හැකි අන්දමට මෙම සුත්‍රය තෝරා ගැනීම අතිශයින් වැදගත් ය . මෙම ප්‍රථම ධර්ම දේශනාව අවසන්වත්ම මහත් ප්‍රසාදයට පත් රජතුමා ප5ධාන පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ බවට පත් වුහ . මෙම පොහොය වඩාත් වැදගත් වීමට රටේ පාලකයා බෞද්ධයකු වීම හේතුවක් විය .

Friday 8 June 2018

  පැහැදිලි රූ සපුවක් ලබා දීම ආලේපනයකට කළ හැකි ද? 

        ලස්සනට අපි කවුරුත් කැමැත්තක් දක්වනවා . ලස්සන දෙයකට අපේ නෙත් සිත් ඉතාමත් ඉක්මනින් ආකර්ෂණය වීම නිරායාසයෙන් සිදු වන්නකි . ලස්සන ප්‍රසන්න යම් දෙයක් වේද කවුරුත් ඒ කෙරෙහි කැමැත්තක් දක්වයි . සුන්දර ප්‍රියජනක දේ අප ඉතා කැමැත්තෙන් වැළද ගනියි . සෑම සත්වයෙකුටම ඔවුන්ට ආවේණික වු ලස්සනක් , ප්‍රසන්න බවක් දැක ගත හැකිය .  මිනිසා ද එසේමය . ස්ත්‍රි , පුරුෂ දෙපිරිසටම ඔවුන්ට ආවේණික වු ලස්සනක් පැහැදිලි ප්‍රසන්න බවක් උරුම වී තිබේ . සෑම සත්වයෙකුටම ස්වභාවික ලස්සනක් උපතින්ම උරුම වී තිබේන අතර එය අඩු වැඩි කර ගැනීම තම තමන් විසින්ම සිදු කර ගනියි .
       මානවයා  ස්ත්‍රි , පුරුෂ වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන අතර එයින් ස්ත්‍රි පාර්ශවය තමන්ගේ රූ සපුව පිළිබදව බෙහෙවින් සැළකිල්ලක් දක්වයි . ඈත අතීතයේ සිටම කාන්තාවන් කාගෙත් සිත් දිනාගත් ප්‍රිය උපදවන තැනැත්තියක බව කවුරුත් දන්නා කරුණකි . පුරුෂ පක්ෂයට වඩා කාන්තාවන් තමන්ගේ ශරිරයේ ලස්සන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි .
       සැබැවින්ම කාන්තාවකගේ මෙන්ම පුරුෂ පක්ෂය ද තමන්ගේ සුන්දරත්වය පවත්වා ගෙන යන්නේ කෙසේද නැතහොත් සැබැ ලස්සන සුන්දර බව රැක ගන්නේ කෙසේද යන්න පිළිබදව සාකච්ජාවට භාජනය කිරිමට අදහස් කරමි.
      සෑම පුද්ගලයෙකුටම තමන්ට උපතින් උරුම වු ලස්සනක් සුන්දරත්වයක් පවති . එම සුන්දර බව ලස්සන කෘතිම වු ආලේපන වර්ග භාවිත කිරිමෙන් විරූපි කර ගත් කාන්තාවන් වත්මන් සමාජයේදී අපට දැක ගැනිමට ලැබෙයි. විශේෂයෙන් වයිටිනින් ක්‍රිම් තම ශරිරයේ ආලේප කිරිමෙන් පැහැපත් බව ලබා ගැනිමට වත්මන් කාන්තාවන් යොමු වන ප්‍රමාණය ඉතාමත් අධික ය . ඒ සදහා වෙළදපල තුළ ද විවිධ නම් යොදා ගනිමින් ඉදිරිපත් කරන ආලේපන වර්ග බොහොමයක් දැක ගත හැකිය .  විවිධ ක්‍රිම් වර්ග වලට අමතරව උදේ සවස බොන බෙහෙත් වර්ග ද වෙළදසැල් වල දක්නට ලැබෙන දෙයකි .
 මිනිසුන්ට තම තමන්ට උපතින් උරුම වු ශරිර වර්ණය ඒ ඒ දේශගුණයන්ට අනුව ස්වභාවිකව නිර්මාණය වී තිබේ . විවිධ දේශගුණික තත්වයන් අනුව ශරිර වර්ණයේ අඩු වැඩි බවක් දැක ගත හැකිය . බොහෝ විට කාන්තාවන් මෙම තත්වය අමතක කර තමන්ගේ සම සුදු කර ගැනිමට විවිධ ආලේපන වර්ග එදිනෙදා භාවිත කිරිමට පෙළඹ සිටියි . මේ සදහා විශේෂයෙන් ජනමාධ්‍යයන් මගින් ඇති කරන පෙළඹවීම ඉතාමත් ඉහළ තත්වයක පවතියි. ජායාරූප ඉදිරිපත් කරමින් ශරිරයේ පැහැපත් බව අඩු වැඩි වන ආකාරය දක්වමින් විවිධ ආලේපන වර්ග හදුන්වා දීම සිදු වේ .



       අතිතයේ දි කාන්තාවන් තමන්ගේ රූ සපුව පිළිබදව විශේෂ උනන්දුවක් දැක්වුයේ නැත . ඔවුන් වස විසෙන් තොර එළවළු , පළතුරු සහ පලා වර්ග ආහාරයට ගත්හ . එදිනෙදා තමන්ට අවශ්‍ය ආහාර කෘතිම රසායනික දාව්‍යවලින් තොරව තම ගෙවත්තෙන්ම ලබා ගැනිමට ඔවුන් පුරුදු වී සිටියහ.
       රස ගුණ පිරි ආහාර එදිනෙදා පරිබොජනය සදහා යොදා ගත් අතර ගෙදර දොර වැඩ කටයුතු කිරිමෙන් ශරිරයේ හැඩය පවත්වා ගැනිමට ඔවුන් වග බලා ගත්හ .
  කාන්තාව වනාහි පංච කල්‍යානයෙන් අංග සම්පුර්ණ විය යුතු බවට ප්‍රකට කියමනක් තිබේ . අතිතයේදි කාන්තාවන් ඉතාමත් සතුටින් කාලය ගත කළහ. සතුටින් සිටිම තුළින්  නීරෝගි බවටත් සිරුරේ අලංකාරය රැකගැනිමටත් එය හේතු විය . ඔවුන්ගේ දිවිපෙවත ඉතාමත් සරලය .සිතේ වෛරය ,ක්‍රෝධය ඊර්ෂයාව නොමැතිව මෛත්‍රි සිතින් ක්‍රියා කළහ . ආගම දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිදහසේ සතුටින් ජිවත් වීමට කටයුතු කිරිම ද මෙහිදි ඉතා වැදගත් වේ .
      මිනිසාගේ සැබැ ලස්සන පවතින්නේ ශරිරයේ නොව තමන්ගේ සිතේ බව ඉතාමත් ප්‍රකට කියමනකි . හදවත ලස්සනට තිබේ නම් නිරායාසයෙන්ම තමන්ගේ ශරිරය ද ලස්ස්න වන බව මෙයින් අදහස් වේ. එය ඉතාමත් නිවැරදි අදහසක් වන්නේ වත්මන් සමාජයේ පුරුෂ පක්ෂය සේම කාන්තාවන් ද සමාජ සැඩපහරට හසුව අවිවේකයෙන් කටයුතු කිරිමය . එමගින් ඔවුන්ගේ පීඩාකාරි බව නිසා සිතේ පවතින නොසන්සුන් ගතියත් එකිනෙකා පරයා නැගී සිටිමේ සිතුවිල්ලත් නිසා බොහෝ කාන්තාවන් කෘතිම ආලේපනයන්ට ගොදුරු විම අනාගත මානව පරිණාමනය කෙරෙහි බලපෑමක් නොවන්නේ ද යන්න සිතා බැලිය යුත්තකි .

Thursday 7 June 2018

                      සොදුරු මිතුදම 

පාසල් මව් තුරුලේ හැදි වැඞී
එකට සිප් සතර හැදැරුව මුත් 
අතලොස්සක් දෙනා පියනගන 
සොදුරු බිමකි සරසවිය 

උගත මුත් එකම දෙය 
නොහැකි විය පියනගන්නට
සොදුරු සරසවි බිමට 
තම විරිය අත නොහැර 
ඉදිරි මග පියනගන 
මහා කුළු පව්වකි මගේ මිතුර 

ඔබේ ඒ විරියේ බල 
දිනෙක යම් මතු කලෙක 
සපල වේවා යන්න 
හද තුටින් පතමි මම 
  

Monday 4 June 2018



                මව්  දින සැමරුම 


අම්මා යන නාමය ලොව උත්තරීතර නාමය යි . එය මිලකළ නොහැකි අමිල වු නාමයක් ද වේ . මව් පදවිය ලැබිම ඒ තරමට උතුම් වුවකි . අම්මා කෙනෙක් ලබා දෙන ආශිර්වාදය ද ඉතාමත් ශේෂ්ටය . අප ගෞතම බුදූ රජාණන් වහන්සේ ට බුදූවන්නට පෙර අම්මාගෙන් ලැබුන ආශිර්වාදය බුදූ බව ලබා ගැනිමට හේතු වු බව සදහන් වේ . එසේම බුදූ රජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරයට සෑම මවක්ම සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වේ . එනම් මෙත්තා , කරුණා , මුදිතා , සහ උපේක්ෂා යන ගුණ හතරින් යුක්ත වු මවකගේ ආශිර්වාදය ඉතාමත් ශේෂ්ට ය . බල සම්පන්න ය . බුද්ධ දේශනාවට අනුව ගෙදර බුදූන් ලෙස සලකන්නේ ද අම්මා ය .

                                   අම්මා වෙනුවෙන් දිනයක් වෙන් කොට ඇයට එම දිනයේ පමණක් සැළකීම උචිත ද යන්න පිළිබදව මොහොතක් සිතා බලන්න . අම්මා කෙනෙක් දස මසක් කුස දරා  සියලු වේදනා දූක් කම්කටොලු ඉවසා දරාගෙන දරුවා මේ ලෝකයට බිහි කරන්නේ මොනතරම් සෙනහසකින් ද ? මොනතරම් ආදරයකින් ද? එසේ මේ ලෝකයට බිහි කළ දරුවාට මුල්ම ආහාරය ලෙස ලබා දෙන්නේ ද තමන්ගේ රුහිරු කිරි බවට පත් කරම්න් මව් කිරි යි . මෙසේ මවගේ ලෙයින් පෙරළා මව් කිරි බවට පත් වෙමින් එයින් දරුවා පෝෂණය ලබයි . මෙසේ දරුවන් වෙනුවෙන් ඉතාමත් සෙනෙහසින් මහත් කරුණාවෙන් කාලය යෙද වු අම්මාට එක දිනයක් වෙන් කොට උපහාර කිරිම නොව තම දිවි තිබෙන තුරු ආරක්ෂා කර රෑක බලා ගැනීම දරුවකුගේ යුතුකමක් නොවන්නේ ද ?

                                    ලෝක මව්වරුන්ගේ දිනය නමින් දිනයක් ප්‍රකාශයට පත් කර එදිනට පමණක් මවට තෑගි බෝග ලබා දෙමින් මව බැලීමට යාම ශ්‍රි ලංකාව වැනි බුදූ දහම ප්‍රතිෂ්ඨාපනය වු රටකට උචිත නොවේ . දරුවන් එනතුරු මහගෙදරට වි බලා සිටින මව්වරු කෙතෙක් සිටිද ? බොහෝ විට මව්වරුන් ගේ දිනය සැමරිම නාගරික වශයෙන් එක් දිනකට පමනක් සීමා වුවත් ග්‍රාමිය ජනතාව මව්වරුන්ට මව්වරුන් වෙනුවෙන් දිනයක් වෙන් කර තිබෙනවා දැයි පවා නොදනිති . ග්‍රාමිය ජනතාව තමා හැදූ වැඩු මවට දිනපතා ගරු සැළකිළි ලබා දෙමින් පෝෂණය කරමින් ආරක්ෂා කරන බැවිනි .

                                    අතීතයේ මෙන් නොව වර්තමානයේ දි අම්මා යන පදවියට අහිතකර ක්‍රියා සිදූ නොවනවාම නොවේ . දරුවන් වැදූ මව්වරුන් සේම හැදූ මව්වරුන් ද සමාජයේ සිටිති . එසේ ම උපන් දවසේ ම දරුවන් මහ මග දමා යන මව්වරු ද නැතිවා නොවේ . එසේ අශිලාචාර ක්‍රියා කරන මව්වරු අතර ඉතා උතුම් මව්වරුන් ද ඒ අතර සිටිම අමතක නොකල යුතු ය . මව්වරුන්ට සැළකීම එක් දිනකට පමණක් සීමා නොකර දරුවන්ගේ යුතුකම මව්වරු සැමදා පෝෂණය කිරිම ය . 



වර්තමානයේ අසන්න දකින්න ලැබෙන බොහෝ කරුණු අනුව වයස්ගත වු පසු මව්වරු මහ මග දමා යාම හෝ විවිධ වද හිංසාවන්ට ලක්විම දැක ගත හැකිය . මව්වරු තම දරුවන් පෝෂණය කර හදා වඩා හොදට උගන්වා යහපත් දරුවන් ලෙස සමාජයට දායාද කළ පසු අවසානයේ උරුම වන්නේ මහ මග හෝ වද හිංසා පමණක් ද ? මේ ඒ පිළිබදව සිතා බැලිය යුතු කාලයයි .

                                         මව්වරුන්ගේ වටිනාකම , මව් සෙනෙහස , ආදරය මිනිසුන්ට පමණක් නොව අපා , දෙපා , සිව්පා ආදී සතුන්ටත්  උරුම වුවකි . සතුන්  අතරත් මව්වරු සිටිති . තම වල්ගයෙන් මුහුදේ ජලය ඉස දරුවා fබිරා ගැනීමට ක්‍රියා කළ ලේන් අම්මාගේ කතාව මීට කදිම උදාහරණයකි . ෂත්ව ලෝකයේ සතුන් අතරත් මව් සෙනෙහස දැකගත හැකිය . සෑම අම්මා කෙනෙකුගේම ප්‍රාර්ථනය වන්නේ තම දරුවා හොදින් සිටිනු දැකීමය .එසේ සිතන අම්මා වෙනුවෙන් දිනයක් වෙන් කර එදිනට පමණක් අම්මා බැලීමට යාම මොනතරම්  අභාග්‍ය සම්පන්න තත්වයක්ද ?

                                වර්තමානයේ බොහෝ විට මව්වරුන්ගේ දිනය සැමරීම දක්නට ලැබෙන්නේ නාගරික ප්‍රදේශවලය . මේ සදහා ජනමාධ්‍ය ද ඔවුන්ගේ ජනප්‍රියත්වය මුල් කර ගනිමින් වාණිජකරණයට යොදාගෙන තිබෙන ආකාරය හදූනා ගත හැකියි . අම්මාට ලබා දෙන තෑගි බෝග පිළිබදව  හෝ මව්වරුන් වෙනුවෙන් එදිනට ලබා දෙන දෙය ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කිරිම තුළින් එමගින් ජනතාවගේ අවධානය ලබා ගැනීමට සමත් වේ . මවගේ භූමිකාව හෙවත් මාතෘත්වය අද වෙළද භාණ්ඩයක් බවට පත්ව තිfබි . අම්මාගේ ගුණ කියා නිම කළ නොහැකි නමුත් අම්මා වර්තමානයේ දී වාණිජකරනයට හසු වි තිබෙන ආකාරය හදූනාගත හැකිය . මුදල් පසුපස හඹා යන සමාජයක මුදලට තම මව්වරු පවා වෙළද භාණ්ඩයක් කිරිමට වත්මන් සමාජය කටයුතු කර තිබිම කෙතරම් අභාග්‍යයක් ද ?

                                  නිවසක ගෘහ මූලිකත්වය පියා විසින් දැරුව ද නිවසේ ශ්‍රියාකාන්තාව වන්නේ අම්මා ය . අම්මා නැති නිවස පාළු සොහොන් පිටියක් වැනිය . නිවසේ සියළු කටයුතු පිළිබදව සොයා බලන අම්මා නිවස ආලෝකමත් කරන පහනක් වැනි ය . මව්වරු වෙනුවෙන් මව් ගුණ ගී කෙතෙක් ලියවුනත් අම්මාට සළකන පිරිස ඒ අතරින් ඉතා අල්පය . අම්මා යන උතුම් පදවිය කාන්තාව ලබන උත්තරීතර පදවියකි . එය සෑම කාන්තාවකටම ලද නොහැක්කකි. හුණුවටයේ කතාවේ සදහන් වන පරිදි වැදූ මවට වඩා දරුවා හැදූ මවට මව් ගුණ මෙන්ම සැබැ මාතෘ සෙනෙහස තිබෙන බව සදහන් වේ . මවක් විසින් දරුවකු වැදූ පමනින්  අම්මා යැයි කිව නොහැකිය .

                             වර්තමානයේ ඇතැම් මව්වරුන්ගේ ක්‍රියාවන් නිසා මාතෘත්වය පිළිබද විවිධ අදහස් සමාජයේ පැවතිය ද බොහෝ අම්මාවරු සැබැ මාතෘතවය ඇති බවද අමතක නොකළ යුතුය . මව්වරුන්ට දිනයක් වෙන් කර ඔවුන්

 සිහි කිරිම නොව සැම දිනම තම මව්වරු සිහි කර ඔවුන්ට සැළකීම දරුවන්ගේ යුතුකමක් නොවන්නේ ද ?
                                  බුදූන් වහන්සේ ද දේශනා කර තිබෙන්නේ මව්වරුන්ට සැළකීම ඉතාමත් යහපත් ගුණාංගයක් බවය . මව්වරුන්ට සැළකීමට , ගරු කිරිමට එක් දිනයකට සීමා නොවි තම හදවතින්ම මව්වරුන්ට සැළකීම සිදූ කරන්නේ නම් මව්වරු මෙන්ම දරුවන් ද එකට සිටින යහපත් සමාජයක් බිහි කිරිම අසීරු නොවේ . මව්වරුන්ගේ නෙතට කදූලක් නොඑන පරිදි රැක ගැනිම කළ නොහැකි කටයුත්තක් ද නොවේ . මව්වරුන් වෙනුවෙන් දිනයක් වෙන් කිරිම සුදූසු ද නැද්ද යන්න පිළිබදව මොහොතක් සිතන්න .