Wednesday 25 July 2018


                        ගීත විචාරය



ගුණදාස කපුගේ ගායන ශිල්පියා ගායනා කරන අමරණීය ගීතයකි. නින්ද නැති රැයේ ගීතය කිසිදාක එක් නොවන ප්‍රථම ප්‍රේමයක අවසාන හෝරා කිහිපයක හැගීම් මෙලෙස වචන බවට පත් කරන්නේ රත්න ශ්‍රී විජේසිංහ ශුරින් විසින් ය. මෙය පළමු වරට පටිගත කරන ලද්දේ 1976 දී පමණ ය . මෙම ගීතය ගුණදාස කපුගේ මහතා සරල ගී වැඩසටහනක ගායනා කර තිබු නමුත් ඒ තනුව සහිත ගීතය එතරම් ජනප්‍රියත්වයක් ලබා නොගත්හ . පළමු පටිගත කිරිමෙන්ම මෙම ගීතය ඉවත් විය .මෙම ගීතයේ අරුත් පුන් ස්වභාවය නිසා මෙම ගීතයට හා රත්න ශ්‍රී විජේසිංහයන්ට සාධාරනයක් ඉටු කිරීම සදහා ගුණදාස කපුගේ ශුරීන්ම තනු නිර්මාණය කරමින් නින්ද නැති රැයේ ගීිතය නැවත වරක් 1985 දී නැවත වරක් පටිගත කරනු ලැබූහ. මේ ගීතය පටිගත කළ වසරේ සිට පිට පිටම අවුරුදු 3ක් ලංකාවේ ජනප්‍රියම ගීත දර්ශකයේ පළමු තැන ගන්නට සමත් විය.
                                             මෙම තනු දෙකම ආසන්න වශයෙන් සමාන තනු දෙකකි . පළමු හා දෙවන ගීතය අතර ලය වෙනස නිසා අලුත් ගීතයේ අරුත දෙගුන තෙගුන වි තිfබි . 
                      මෙම ගීතය ප්‍රථම  ප්‍රේමයෙන් වෙලී සිටි යුවලක්  වෙන්ව යන මොහොතක ඇතිවන චිත්තවේග අනුසාරයෙන්      නිර්මානය වු ගීතයකි . මුලු ගීතයම රචනා වි තිබෙන්නේ පරිසරය අනුසාරයෙනි . එබැවින් මෙම ගීතය ජනයාගේ හදවත් වලට කිදා බැසීමට තරම් සමත් විය. රචකයා ප්‍රේමවන්තයාට ආරූඪ වී රචනා කරන ලද මෙම ගීතය ගුණදාස කපුගේ ගායන ශිල්පියාගේ හඩින් ගීතය වර්ණවත් වී තිfබි . 

          නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ 
          හැංගිලා හඩන්නේ ඇයි ද ප්‍රථම ප්‍රේමයේ 
          තාරුකා දියේ ගිළී නිල් එළිය නිවේ 
          වැහි  බිංදු වැfටිවී රෝස පෙති කඩා හැලේ 

එදා වැසිබර දිනයකි . වැසිබර දිනයේ පරිසරයේ සිදුවන වෙනස්වීම් පිළිබදව මෙහිදී රචකයා කියාපාන්නට උත්සාහ ගෙන ඇති අයුරු පද පෙළ දෙස බැලු බැල්මට පෙනෙන්නට තිබෙන බව දක්නට ලැfබි . නමුත් අපට නොදෑනීම එම පරිසරයේ වෙනස්කම් ප්‍රථම ප්‍රේමයෙන් වෙන්ව යෑමට වෙර දරන පෙම්වතියක් තුළ ඇතිවන වෙනස්කම් වලට උපමා කිරිමට රචකයා සමත්ව තිබෙන බව යටි පෙළින් අර්ථ ගැන්වේ .  

         නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ 
         හැංගිලා හඩන්නේ ඇයි ද ප්‍රථම ප්‍රේමයේ  





  මෙහිදී රචකයා පවසන්නේ , නින්ද  නැති පාලු රාත්‍රියක මේ සද මීදුමට මුවාවෙලා හැංගිලා ඉන්නවා . මේ වැහි බිංදු පොළොවට වැටෙන විට පෙම්වතා අසන්නේ , ඇයි සද මේ ප්‍රථම ප්‍රේමයේ දී හැංගිලා හඩන්නේ යැයි රචකයා පවසන ආකාරයට අහසින් වැටෙනා වැහි බිංදු සද හඩනා විට වැගිරෙන කදුළු fවි . සද නැමති ඔබ වෙත කදුළු නැමති මීදුමේ සැගවිලා හැංගිලා අඩන්නේ ඇයි කියා පෙම්වතා තම පෙම්වතියගෙන් විමසයි . සද යන වචනයෙන් පෙම්වතියගේ මුහුණේ සුන්දරත්වය වර්ණනා කිරිමට පෙම්වතා අමතක කර නොමැත . මොකද පෙම්වතාට අවශ්‍ය වී ඇත්තේ තම පෙම්වතියව සිනා මුසු මුහුණින් තබා ගැනිමටය .
              
මෙහි සංගීතය ගැන කතා කිරිමේදී වැහි බිංදු වැfටිවී යන පදය අවසන් වන අවස්ථාවේ වැසි බිංදු වැටිම සංගීතය තුළින් අපුරුවට නිර්මාණය වී තිfබි . 

    තාරුකා දියේ ගිළී නිල් එළිය නිfවි 
    වැහි බිංදු වැfටිවී රෝස පෙති කඩා හැලේ 

   මෙම පද පේළී මගින් මේ දෙදෙනා සිටින්නේ දිය කඩිත්තක් අභියස බවත් ඇතැම්විට කළින් හමු වී ඇති ස්ථානයක් විය හැකිය . මේ දෙදෙනා බලා සිටින විට දිය කඩිත්තේ නිසල බව තුළින් පෙනෙන තාරුකා වැසි බිංදු වැටිම නිසා දියේ ගිළී නිල් එළිය නිවී යන ආකාරය දකින්නට ලැfබි . මෙය පෙම්වතිය හඩනා විට තමාට සිසිල දුන් නිල් තාරුකා එළියක් මෙන් වු දෙනුවන කදුළු දියේ ගිළී ප්‍රබෝධමත්භාවය නැති වී යෑමට උපමා කර තිfබි . 
  වැසි බිංදු කඩා හැලෙන අතර තුර රෝස මල්වල පෙති උඩට වැටෙනා වැසි බිංදු බර වැඩිකමට රෝස පෙති බිමට කඩා හැලෙන අතර මෙය පෙම්වතියගේ කදුළු දෙකොපුල් දිගේ ගලාවිත් රෝස වන් වු දෙතොල් පෙති මතට වැටි මලානික වන සිදුවීමක් සිතේ මැවේ . මෙහි දී රෝස පෙති කඩා හැලේ යන පදයෙන් මේ කදුළු ඔබට බර වැඩියි . මේ කදුළු වලට ඔබ සුදුසු නැත යන අදහසක් ද ගම්‍ය වේ . මේ පද පේළී මගින් පෙම්වතියගේ වත සම්පුර්ණ චිත්‍රයක් රසිකයාගේ සිතේ මැවීමට දක්ෂ ලෙස පද රචනය සමත් වී තිfබි . 

   කිළිපොලා සැළී යම්න්  නොහිම් සීතලේ 
   තුරුලුවෙමී දෙනෙත් පියා ඔබගේ උණුසුමේ 

  මෙම පද මගින් දක්වන්නේ එළිමහනේ දොළ ළග සිටින මේ දෙදෙනා වැස්සට තෙමෙනවා පමණක් නොව ඇග කිලිපොලා යන තරම් සීතලක් දැනෙන බව රචකයා පවසයි . මෙම දෙදෙනාගේ ප්‍රේමය අවසන් කොට වෙන්ව යන තීරනාත්මක අවස්ථාව කෙමෙන් කෙමෙන් ලංවන නිසා සීතල වැඩිපුර දැනෙන්නට පටන් ගනියි .




මෙම පද පේළී මත සැගවුණ අරුතක් ඇත . නොහිමි සීතලේ  යන පදයෙන් නොහිමි දුකක් ඇති වෙනවාය යන අදහසක් ද මෙයින් ගම්‍ය වේ . නමුත් එය පෙම්වතියට අගවන්නේ සීතලයි යනුවෙනි. එය ගායකයාගේ හඩින් ගම්‍ය වේ . සීතල නිසාම නැත්නම් ඊටත් වඩා දුක නිසාමත් ආදරය වැඩි නිසාත් පෙම්වතා දෙනෙත් පියාගෙන පෙම්වතියගේ උණුසුමේ තුරුලු වෙමින් ඇයගේ උණුසුම ලබමිනි . මෙමගින් රචකයා කියන්නට උත්සහ ගෙන ඇත්තේ දුකත් සීතලත් ඔබගේ උණුසුම නිසා තුනී වන බව නොවේ ද ? මෙම පද පේළී මගින් අතිශය සංවේදී බවක් නැත්නම් විරහ වේදනාවක් රසිකයාගේ සිත තුළ ජනිත කිරීමට රචකයා සමත්ව තිfබි .

  ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ 
  හෙට උදේට අවදි වී යා යුතුව තිfබි

මේ පද පේළි මගින් කව්යා පවසන්නේ මේ අවස්ථාව අපි රැ මැදියම දුටු සිහිනයකි. එනමුත් සිහිනයක් වුනාට අපේ ජීව්තය සිහිනයක් නොවේ. හෙට උදේම මේ සිහිනයෙන් අවදි වී අපි යන්නට ඕනේ. එනම් පෙම්වතා පෙම්වතියට පවසන්නේ මේක ජීව්තය දැක්ක අනෙක් සිහින මෙන් නපුරු සිහිනයක් මෙන් හිතලා අමතක කරන ලෙසය. ජිව්තය ලෙස පවසන්නේ එක නපුරු හීනයකට නොවේ. හෙට උදේම අවදි වී යායුතුව තිfබි යන පදයෙන් සිහිනය ඉවර වුන ගමන් එනම් හෙට උදේම අවදි වූ ගමන් තවදුරටත් ජීවිතය ගෙවන්නට සිදු වෙනවාය යන අදහස ලබා දෙයි. මෙහිදී විශේෂයෙන් ලබා දෙන පණිවිඩය වන්නේ මුලු ජීවිතයම කියන්නේ මෙවැනි එක් අවස්ථාවක් නොවේ . 

 රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ 
 ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ 

   රැය ගෙවේ . සදත් බැස යයි . අපිට ජීචිතේ තව දුර යන්න ඇති බව පෙම්වතාට ආවේශ වු රචකයා පවසයි . රැය යන වචනයෙන් මෙම අදුරු සිදුවීම් නිරූපනය කරයි . මෙහි දී පෙම්වතා පෙම්වතියව ආමන්ත්‍රණය කර විමසන්නේ මට යන්න අවසරයිද කියා ය . මෙහි පුංචි කුමරියේ යනුවෙන් ආමන්ත්‍රණය කිරිමෙන් හා  ගායන විලාශයෙන් පෙම්වතියට ඇති ආදරය ගැන යම් වැටහීමක් ලබා ගැනීමට රසිකයාට අවකාශ සැලසේ . 

   කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ 
  සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ    





මෙම පද පේළී මගින් පෙම්වතියට ඇගේ අනාගතය සාර්ථක වන්නට සුභ පතනවා යන්න එනම් මලක් නැති ගසේ මලක් පීදේවා යන ප්‍රාර්ථනය සිදුකරයි . මෙම පද පේළි දෙක සදහා විවිධ ආකාරයේ තේරුම් රැසක් සහිත බව හදුනා ගත හැක . එනම් බහු අර්ථ පද පෙළකි . මෙහිදී මල දරුවෙකුට සමාන කළ හැකිය . එනම් දරුවෙකු නැති ඔබට දරුවන් හදා සතුටින්  ජීවත් වීමේ  වාසනාව ලැfබිවා යන්න ප්‍රාර්ථනය ද ගෙන දෙයි .  කටු වලට දෙතොල් තියා  යන පද පේළීයෙන් වෙන්ව යෑමට ඇති අසිරූතාවය සදහන් කරයි . සිඹිමී එකම හාදුවයි යන පදයෙන් මේ තමයි මගේ එකම ප්‍රාර්ථනය ඒක බව පවසා සිටියි . මෙම ගීතය ආනන්දයෙන් නැත්නම් වින්දනයෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසන් වන ඉතාමත් ආකර්ෂණීය ගීතයකි . 

  පෙර සදහන් කළ පරිදි මෙම ගීතය සදහා එකිනෙකට වෙනස් සංගීත රටා සහ තනුවක් යොදා ගනිමින් දෙවාරයකදී පටිගත කර ඇත . ප්‍රථම ගීතය එතරම්ම රසික ජනාදරය දිනා නොගත් නිසාත් ගීතයේ අර්ථපූර්ණකම නිසාත් ගීතයට වැඩි සාධාරණයක් සංගීත නිර්මාණය තුළ තිබිය යුතු බව කපුගේ මහතා විශ්වාස කිරීම හේතු විය . දෙවන පටිගත කිරිම තුළින් මෙම ගීතයට සිය දෙවන අමරණීය උපත ලැබිණ . 

  නින්ද නැති රැයේ මෙම ගීතය විරහ ගීතයක් වුව ද එම ගීතය තුළින් ව්‍යංගාර්ථයෙන් පෙම්වතාත් පෙම්වතියත් අතර තිබු ආදරය ,සෙනෙහස ව්‍යංගාර්ථයෙන් ඉදිරිපත් කිරීමට සමත් වී තිfබි . 























    










                                             


        

                      


Monday 16 July 2018



      නවසීලන්තයේ භුගෝලීය පිහිටීම 


නවසීලන්තය දකුණු පැසිපික් සාගරයේ පිහිටි රටකි . නවසීලන්තය ලොව පස්වන විශාලතම ආර්ථික කලාපය ලෙස සැළකේ . නවසීලන්තය යනු විස්මිත හා විවිධාකාර ස්වාභාවික සෞන්දර්යාත්මක වූ රටකි.  කඳු, තණබිම්, සුළි සුළං, වැලි තෘණ පුරවා ඇති වැව්, රළු ගංගා, දර්ශනීය වෙරළ සහ ක්‍රීයාකාරී ගිනිකඳු කලාප මෙම දිවයින් පෘථිවියෙහි වඩාත් සුවිශේෂ වූවකී. මෙම දිවයින් උතුරු දිවයිනෙන් දුරස්ථව විසිරී සිටින නමුත් පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. නූතන නරඹන්නන් සඳහා පහසුකම් රැසක් පවතින අතර දිවයින පුරා ගුවන්තොටුපළවල් සහ හොඳින් නඩත්තු කරන මහාමාර්ග සමඟ ප්‍රවාහන ජාලයන් හොඳින් සංවර්ධනය වී තිබේ. නවසීලන්තය ස්වභාව ධර්මයට වික්‍රමාන්විත පිපිරීමක් එක් කරයි:
මයෝරි සංස්කෘතිය එදිනෙදා ජීවිතයේ සහ රජයේ සහ සංගත සංකේතවාදයේ වැදගත් අංගයක් වන අතර, සංචාරකයන්ට වටහා ගැනීමට හා එදිනෙදා ජීවිතයේ මව්වරුගේ ඉතිහාසය සහ වර්තමාන ආකෘතීන් අත්දකිනු ඇත.

උතුරු දූපත හා දකුණු අයිලන්ඞ් සහ දකුණු පැසිෆික් සාගරයේ බොහෝ කුඩා ඒවා ලෙස නම් කර ඇති මෙම දූපත් පිහිටා ඇත්තේ ඔස්ට්රේලියාවට කිලෝමීටර් 1,600 ක් (දකුණු මායිමෙන් කිලෝමීටර් 1,000 ක්) පමණි.
නවසීලන්තය පෘථිවියේ පස්වන විශාලතම දූපත වන අතර, ඕස්ට්රේලියාව, ඉන්දුනීසියාව, ජපානය හා පිලිපීන්වල පමණක් එහි භූමි ප්‍රමාණය ඉක්මවා ඇත.   15 වතාවක් විශාල වන අතර පෙර ලැයිස්තුවේ ඕස්ට්රේලියවෙන් ඉක්මවා ඇත.එහි ප්‍රතිඵලයක් වශයෙන්, එක්සත් රාජධානියට වඩා විශාල වූ මිලියන 4.5 ක ජනගහනයක් සහිත ජනගහනයකින් සමන්විත බොහෝ ප්‍රදේශ වල පදිංචි වී ඇත.
මිලියන 1.5 ක ජනගහනයක් සහිත ඕක්ලන්ඞ් , පොලිනීසියාවේ විශාලතම නගරය වේ. කුක් දූපත් , නියු සහ ටොකේලා වැනි බොහෝ කුඩා සාගර ජාතීන් අතර ඔවුන්ගේ ජනගහනය වැඩි වශයෙන් ඔවුන්ගේ නිවෙස් දූපත් වලට වඩා මෙට්රෝ ඕක්ලන්ඞ්හි ජීවත් වෙති
නවසීලන්තය ( අටෛාටාරා ) යනු දකුණුදිග බටහිර පැසිෆික් සාගරයේ පිහිටා ඇති දූපත් රටකි . දිවයිනේ ප්‍රධාන දූපත් දෙකක් - උතුරු අයිලන්ඞ්  සහ දකුනු දිවයින  - කුක් සමුද්ර සන්ධිය වෙන් කරනු ලැබේ;තෙවැනි, අඩු සැලකිය යුතු දිවයිනක් වන ස්ටුවර්ට් අයිලන්ඞ්  ෆෝවොව් සමුද්රසන්ධිය හරහා දකුණු දි අයිලන්ඞ්හි සිට කිලෝ මීටර් 30 ක්  පිහිටා ඇත.
 සාගර සම්පත් විශාලය.නවසීලන්තය ලොව පස්වන විශාලතම ආර්ථික කලාපය ලෙස සැලකේ. එය වර්ග කිලෝමීටර් 4,000,000 (වර්ග සැතපුම් 1,500,000) (වර්ග මීටර් මිලියන 1.5 ක්) ආවරණය කරයි. එය රට දේශසීමා නොමැති තනි රටකි.






නවසීලන්තයේ විශාලතම භූමි ප්‍රමාණය වන දකුණු දූපතේ ලෝකයේ 12 වන විශාලතම දූපතයි. දකුණු දිග ඇල්ප්ස් දිවයින දිගින් දිගට බෙදී ඇත. දිවයිනේ නැගෙනහිර පැත්තට කන්ටේරි වෙරළ තීරය පිහිටා ඇති අතර බටහිර වෙරළ තීරය එහි රළු වෙරළ තීරයටද, ස්වදේශික බුෂ් හා ග්ලැසියරවල ඉතා විශාල ප්‍රතිශතයකි.






රටට විවිධ ස්වභාවික සම්පත් ඇති අතර:
භූ විද්යාත්මක: ස්වාභාවික ගෑස් , යපස් , වැලි , ගල් අඟුරු , ජල විදුලිය , රත්රන් , හුණුගල්
කෘෂිකාර්මික: වගා බිම් , තිරිඟු , බාර්ලි , බැටළුවන්
 නවසීලන්තය, වර්ග කිලෝමීටර් 267,710 (වර්ග සැතපුම් 103,360) ක මුළු භූමි ප්‍රමාණයකින් සමන්විත වේ. එහි දුරබැහැර දිවයින් ඇතුලුව, එය ඉතාලිය හා ජපානයට වඩා තරමක් කුඩා වන අතර එක්සත් රාජධානියට වඩා ටිකක් විශාලය.  නවසීලන්තයේ ඉඩම සාපේක්ෂ වශයෙන් කුඩා ප්‍රමානයකි (1.76%); ස්ථාවර භෝග වලින් 0.27% ක් ආවරණය වේ. වර්ග කිලෝමීටර 6,193 (වර්ග සැතපුම් 2,391) කි. නවසීලන්තය විසින් කිලෝමීටර 327 ක (සැතපුම් 78 ක) සම්පූර්ණ පුනර්ජනනීය ජල සම්පත් ප්‍රමාණයක් ඇත.





      බ්‍රහ්මණ සමාජයේ වනිතාව 

 ක්‍රි. පු . 6 වන සියවසේ භාරතීය ඉන්දීය සමාජය තුළ කාන්තාවට හිමි තත්වය පිළිබදව විමසීමේ දි බ්‍රහ්මණ සමාජය කාන්තාව ඉතා පහත් කොට සළකනු ලැබීය . බ්‍රහ්මණ සමාජයේ කාන්තාව කිසිදු වරප්‍රසාදයක් හිමි නොවු සමාජයේ නින්දාවට පත් වුහ . එකළ සමාජයේ කාන්තා උපත පවා ප්‍රතික්ෂේප විය . කාන්තාව දුරාචාරයේ යෙදෙන තැනැත්තියක් ලෙස ඔවුන් සැළකුහ . බ්‍රහ්මණ ඉගැන්විම අනුව කාන්තාව සමාජයේ ජිවත්විය යුතු ආකාරය දක්වා තිබේ .
ඒ අනුව , කාන්තාව කුඩා කාලයේදී  තම පියා යටතේත්  තරුණ අවධියේදී තම  සැමියා යටතේත් මහලු වියේදි තම වැඩිමහලු පුතා යටතේත් ජිවත් විය යුතුය . වැඩිමහලු පුතෙකු නොමැති වැන්දඹු කාන්තාව තම ස්වාමියාගේ දර සෑයට පැන ඇගේ ජිවිතය පිදිය යුතුය.
භාරතීය සමාජයේ කාන්තාව පුරුෂයාගේ මෙහෙකාරියක සේ සැළකුහ . බමුණන් ප්‍රකාශ කරනු ලැබුවේ කාන්තාවක් උත්පත්තිය ලබන නිවස අභාග්‍යසම්පන්න බවය . හබැවින් භාරතීය සමාජයේ ස්ත්‍රි උත්පත්තියක් සිදු වු විට එම සිගිති දියණිය මරා දැමිම සිදු විය . එමෙන්ම බමුණන් පැවසුවේ ස්ත්‍රිය පාපකාරි බැවින් ගල් ගසා මරා දැමිය යුතු බවයි .
එමෙන්ම කාන්තාවට සමාජයේ කිසිදු වරප්‍රසාදයක් හිමි නොවීය . ඔවුන් සැළකුවේ කාන්තාව දුරාචාරයේ යෙදෙන දුශ්ශිල තැනැත්තියක බවය . කාන්තාව කෙතම් පරිස්සම් කළද ඇය දුරාචාරයේ යෙදෙන බව බමුණු මතයයි.
නමුත් භාරතීය සමාජයේ බුදු හිමි බිහිවීමත් සමග කාන්තාවට සමාජයේ නිසි ගෞරවය හිමි විය . බුදු දහමේ ව්‍යාප්තියත් සමග කාන්තාව , මවක් ලෙස , බිරිදක් ලෙස , සොහොයුරියක් ලෙස , යෙහෙළියක් ලෙස ,හා භික්ෂුණියක් ලෙස සමාජයේ වරප්‍රසාද හිමිවිය .  ස්ත්‍රි උපත පවා පිළිකුල් කළ බමුණු සමාජය බුදු දහම නිසා ස්ත්‍රිය සමාජයේ උත්තරිතරතත්වයට පත් වුහ .

Tuesday 26 June 2018

ලිපි



                            බුදූ දහමයි ලංකාවයි 

   පොසොන් පුර පසලොස්වක පොහොය දිනය අපට වැදගත් වන්නේ කුමක් නිසා ද යන්න හදුනා ගැනිම වැදගත් වේ .

අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨීය , උත්තිය , සම්බල ,බද්දසාල යන රහතන් වහන්සේලාත් ෂඞ් අභිඥාාලාභී සුමන සාමනේරයන් ද භණ්ඩුක නම් අනාගාමි උපාසකවරයා ද යන පිරිස ධර්ම විජය පිළිබද අනගිතම පනිවිඩය මූර්තිමත් කරමින් ශාන්තිය දූතයන් වශයෙන් අනුරපුර මිස්සක පව්වට වැඩම කර බු : ව 236 දී ලක්දිව බුදු සසුන පිහිටුවීම . 

බුදු  වී සිව්වන සතියේ  රුවන්ගෙයි වැඩහිදිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරිරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදිම.

ලක්දිව ප්‍රථම මහන උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්දාව සිදු වීම .




 ඉන්දියාවේ පැවැත්වු තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක රජතුමාගේ පූර්ණ සහය ලබා ගනිමින් මොග්ගලිපුත්තතිස්ස මහරහතන්වහන්සේ රටවල් නවයකට ධර්මදුතයන් වහන්සේලා පිටත් කර යැවීමට කටයුතු කළහ .ඒ අනුව මිහිදු මහරහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් දුත පිරිසක් ලංකාවට වැඩමවන ලදී . අන්රටවලට වඩා ශ්‍රි ලංකාවට එවන ලද දුත පිරිස සුවිශේෂයක් ගත් බව පැහැදිලි ය . දුත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය සුහදතාවය දැඩිලෙස පැවතිම වැදගත් ලක්ෂණයකි . මිහිදු මහරහතන්වහන්සේ අශෝක අධිරාජයාගේ පුතණුවන් වන අතර සුමන සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජයාගේ සංඝමිත්තා නම් දියණියගේ පුත්‍රයා වූහ . මෙවැනි රාජකීය දුත පිරිසක් ශ්‍රි ලංකාවට වැඩම වූයේ බුද්ධ පරිනිර්වානයෙන් දෙසිය තිස්හය වන වසරෙහි පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයක බව සදහන් වේ . 

   මිහිදු හිමියන් ප්‍රධාන බෞද්ධ ධර්ම දුත පිරිස අනුරාධපුරයේ මිහින්තලා කදු මුදුනට වැඩමවන අවස්ථාව වන විට ලංකාවේ පාලකයා වු දේවානම්පියතිස්ස රජතුමා පෙර සිරිත් පරිදි හතලිස් දහසක පිරිස සමග පොසොන් සැනකෙළිය සදහා මුව දඩයමේ යෙදෙමින් මිහින්තලා පර්වතය අසල කල්ගත කළේය . මිහිදු මා හිමියන් රජතුමා අමතා අපි ධර්ම රාජ වූ බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ වෙමු . ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට පැමිණියෙමු . යනුවෙන් ප්‍රකාශ කළහ . දෙවනපෑතිස් රජුගේ තුටු පඩුරුගෙන අශෝක රජතුමා වෙත ගිය අරිට්ඨ මහ ඇමතියන් මගින් තුණුරුවන් පිළිබද පණිවිඩය කලින් එවා තිබු හෙයින් පැමිණි මෙම දුත පිරිස පිළිබද සෑහෙන අවබෝධයක් දෙවනපෑතිස් රජතුමාට ලැබී තිබුණි . මිහිදු හිමියන් සහ රජතුමා අතර ඉක්මන් සුහදතාවයක් ගොඩනගා ගැනීමට එම තොරතුරු හේතු වුවාට සැක නැත . ඇති වු සුහද සාකච්ජාවෙන් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්ෂා කිරිම සදහා අඹ ගස් හා ඥාතින් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න මාලාව ඉතා වැදගත් ය . ලංකාවේ පැවැත්වු ප්‍රතම බුද්ධි පරික්ෂණය මෙය වු බැවින් එයින් රජතුමා සතු උසස් ඥාානය පිළිබදව පැහැදුනු මිහිදු හිමියන් චුල්ලහත්ථී පදෝපම සුත්‍රය මාතාකා කොට ධර්මය දේහනා කළහ .

 තුනුරුවන් පිළිබදවත් හාසනයට ඇතුළත් වීමත් භික්ෂුන්ගේ පැවැත්මත් ධර්මයෙන් ලබා ගත හැකි අග්‍ර ඵලයත් යන වැදගත් කරුණු පිළිබදව අවබෝධයක් ලැබිය හැකි අන්දමට මෙම සුත්‍රය තෝරා ගැනීම අතිශයින් වැදගත් ය . මෙම ප්‍රථම ධර්ම දේශනාව අවසන්වත්ම මහත් ප්‍රසාදයට පත් රජතුමා ප5ධාන පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ බවට පත් වුහ . මෙම පොහොය වඩාත් වැදගත් වීමට රටේ පාලකයා බෞද්ධයකු වීම හේතුවක් විය .

Friday 8 June 2018

  පැහැදිලි රූ සපුවක් ලබා දීම ආලේපනයකට කළ හැකි ද? 

        ලස්සනට අපි කවුරුත් කැමැත්තක් දක්වනවා . ලස්සන දෙයකට අපේ නෙත් සිත් ඉතාමත් ඉක්මනින් ආකර්ෂණය වීම නිරායාසයෙන් සිදු වන්නකි . ලස්සන ප්‍රසන්න යම් දෙයක් වේද කවුරුත් ඒ කෙරෙහි කැමැත්තක් දක්වයි . සුන්දර ප්‍රියජනක දේ අප ඉතා කැමැත්තෙන් වැළද ගනියි . සෑම සත්වයෙකුටම ඔවුන්ට ආවේණික වු ලස්සනක් , ප්‍රසන්න බවක් දැක ගත හැකිය .  මිනිසා ද එසේමය . ස්ත්‍රි , පුරුෂ දෙපිරිසටම ඔවුන්ට ආවේණික වු ලස්සනක් පැහැදිලි ප්‍රසන්න බවක් උරුම වී තිබේ . සෑම සත්වයෙකුටම ස්වභාවික ලස්සනක් උපතින්ම උරුම වී තිබේන අතර එය අඩු වැඩි කර ගැනීම තම තමන් විසින්ම සිදු කර ගනියි .
       මානවයා  ස්ත්‍රි , පුරුෂ වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන අතර එයින් ස්ත්‍රි පාර්ශවය තමන්ගේ රූ සපුව පිළිබදව බෙහෙවින් සැළකිල්ලක් දක්වයි . ඈත අතීතයේ සිටම කාන්තාවන් කාගෙත් සිත් දිනාගත් ප්‍රිය උපදවන තැනැත්තියක බව කවුරුත් දන්නා කරුණකි . පුරුෂ පක්ෂයට වඩා කාන්තාවන් තමන්ගේ ශරිරයේ ලස්සන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි .
       සැබැවින්ම කාන්තාවකගේ මෙන්ම පුරුෂ පක්ෂය ද තමන්ගේ සුන්දරත්වය පවත්වා ගෙන යන්නේ කෙසේද නැතහොත් සැබැ ලස්සන සුන්දර බව රැක ගන්නේ කෙසේද යන්න පිළිබදව සාකච්ජාවට භාජනය කිරිමට අදහස් කරමි.
      සෑම පුද්ගලයෙකුටම තමන්ට උපතින් උරුම වු ලස්සනක් සුන්දරත්වයක් පවති . එම සුන්දර බව ලස්සන කෘතිම වු ආලේපන වර්ග භාවිත කිරිමෙන් විරූපි කර ගත් කාන්තාවන් වත්මන් සමාජයේදී අපට දැක ගැනිමට ලැබෙයි. විශේෂයෙන් වයිටිනින් ක්‍රිම් තම ශරිරයේ ආලේප කිරිමෙන් පැහැපත් බව ලබා ගැනිමට වත්මන් කාන්තාවන් යොමු වන ප්‍රමාණය ඉතාමත් අධික ය . ඒ සදහා වෙළදපල තුළ ද විවිධ නම් යොදා ගනිමින් ඉදිරිපත් කරන ආලේපන වර්ග බොහොමයක් දැක ගත හැකිය .  විවිධ ක්‍රිම් වර්ග වලට අමතරව උදේ සවස බොන බෙහෙත් වර්ග ද වෙළදසැල් වල දක්නට ලැබෙන දෙයකි .
 මිනිසුන්ට තම තමන්ට උපතින් උරුම වු ශරිර වර්ණය ඒ ඒ දේශගුණයන්ට අනුව ස්වභාවිකව නිර්මාණය වී තිබේ . විවිධ දේශගුණික තත්වයන් අනුව ශරිර වර්ණයේ අඩු වැඩි බවක් දැක ගත හැකිය . බොහෝ විට කාන්තාවන් මෙම තත්වය අමතක කර තමන්ගේ සම සුදු කර ගැනිමට විවිධ ආලේපන වර්ග එදිනෙදා භාවිත කිරිමට පෙළඹ සිටියි . මේ සදහා විශේෂයෙන් ජනමාධ්‍යයන් මගින් ඇති කරන පෙළඹවීම ඉතාමත් ඉහළ තත්වයක පවතියි. ජායාරූප ඉදිරිපත් කරමින් ශරිරයේ පැහැපත් බව අඩු වැඩි වන ආකාරය දක්වමින් විවිධ ආලේපන වර්ග හදුන්වා දීම සිදු වේ .



       අතිතයේ දි කාන්තාවන් තමන්ගේ රූ සපුව පිළිබදව විශේෂ උනන්දුවක් දැක්වුයේ නැත . ඔවුන් වස විසෙන් තොර එළවළු , පළතුරු සහ පලා වර්ග ආහාරයට ගත්හ . එදිනෙදා තමන්ට අවශ්‍ය ආහාර කෘතිම රසායනික දාව්‍යවලින් තොරව තම ගෙවත්තෙන්ම ලබා ගැනිමට ඔවුන් පුරුදු වී සිටියහ.
       රස ගුණ පිරි ආහාර එදිනෙදා පරිබොජනය සදහා යොදා ගත් අතර ගෙදර දොර වැඩ කටයුතු කිරිමෙන් ශරිරයේ හැඩය පවත්වා ගැනිමට ඔවුන් වග බලා ගත්හ .
  කාන්තාව වනාහි පංච කල්‍යානයෙන් අංග සම්පුර්ණ විය යුතු බවට ප්‍රකට කියමනක් තිබේ . අතිතයේදි කාන්තාවන් ඉතාමත් සතුටින් කාලය ගත කළහ. සතුටින් සිටිම තුළින්  නීරෝගි බවටත් සිරුරේ අලංකාරය රැකගැනිමටත් එය හේතු විය . ඔවුන්ගේ දිවිපෙවත ඉතාමත් සරලය .සිතේ වෛරය ,ක්‍රෝධය ඊර්ෂයාව නොමැතිව මෛත්‍රි සිතින් ක්‍රියා කළහ . ආගම දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිදහසේ සතුටින් ජිවත් වීමට කටයුතු කිරිම ද මෙහිදි ඉතා වැදගත් වේ .
      මිනිසාගේ සැබැ ලස්සන පවතින්නේ ශරිරයේ නොව තමන්ගේ සිතේ බව ඉතාමත් ප්‍රකට කියමනකි . හදවත ලස්සනට තිබේ නම් නිරායාසයෙන්ම තමන්ගේ ශරිරය ද ලස්ස්න වන බව මෙයින් අදහස් වේ. එය ඉතාමත් නිවැරදි අදහසක් වන්නේ වත්මන් සමාජයේ පුරුෂ පක්ෂය සේම කාන්තාවන් ද සමාජ සැඩපහරට හසුව අවිවේකයෙන් කටයුතු කිරිමය . එමගින් ඔවුන්ගේ පීඩාකාරි බව නිසා සිතේ පවතින නොසන්සුන් ගතියත් එකිනෙකා පරයා නැගී සිටිමේ සිතුවිල්ලත් නිසා බොහෝ කාන්තාවන් කෘතිම ආලේපනයන්ට ගොදුරු විම අනාගත මානව පරිණාමනය කෙරෙහි බලපෑමක් නොවන්නේ ද යන්න සිතා බැලිය යුත්තකි .

Thursday 7 June 2018

                      සොදුරු මිතුදම 

පාසල් මව් තුරුලේ හැදි වැඞී
එකට සිප් සතර හැදැරුව මුත් 
අතලොස්සක් දෙනා පියනගන 
සොදුරු බිමකි සරසවිය 

උගත මුත් එකම දෙය 
නොහැකි විය පියනගන්නට
සොදුරු සරසවි බිමට 
තම විරිය අත නොහැර 
ඉදිරි මග පියනගන 
මහා කුළු පව්වකි මගේ මිතුර 

ඔබේ ඒ විරියේ බල 
දිනෙක යම් මතු කලෙක 
සපල වේවා යන්න 
හද තුටින් පතමි මම 
  

Monday 4 June 2018



                මව්  දින සැමරුම 


අම්මා යන නාමය ලොව උත්තරීතර නාමය යි . එය මිලකළ නොහැකි අමිල වු නාමයක් ද වේ . මව් පදවිය ලැබිම ඒ තරමට උතුම් වුවකි . අම්මා කෙනෙක් ලබා දෙන ආශිර්වාදය ද ඉතාමත් ශේෂ්ටය . අප ගෞතම බුදූ රජාණන් වහන්සේ ට බුදූවන්නට පෙර අම්මාගෙන් ලැබුන ආශිර්වාදය බුදූ බව ලබා ගැනිමට හේතු වු බව සදහන් වේ . එසේම බුදූ රජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරයට සෑම මවක්ම සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වේ . එනම් මෙත්තා , කරුණා , මුදිතා , සහ උපේක්ෂා යන ගුණ හතරින් යුක්ත වු මවකගේ ආශිර්වාදය ඉතාමත් ශේෂ්ට ය . බල සම්පන්න ය . බුද්ධ දේශනාවට අනුව ගෙදර බුදූන් ලෙස සලකන්නේ ද අම්මා ය .

                                   අම්මා වෙනුවෙන් දිනයක් වෙන් කොට ඇයට එම දිනයේ පමණක් සැළකීම උචිත ද යන්න පිළිබදව මොහොතක් සිතා බලන්න . අම්මා කෙනෙක් දස මසක් කුස දරා  සියලු වේදනා දූක් කම්කටොලු ඉවසා දරාගෙන දරුවා මේ ලෝකයට බිහි කරන්නේ මොනතරම් සෙනහසකින් ද ? මොනතරම් ආදරයකින් ද? එසේ මේ ලෝකයට බිහි කළ දරුවාට මුල්ම ආහාරය ලෙස ලබා දෙන්නේ ද තමන්ගේ රුහිරු කිරි බවට පත් කරම්න් මව් කිරි යි . මෙසේ මවගේ ලෙයින් පෙරළා මව් කිරි බවට පත් වෙමින් එයින් දරුවා පෝෂණය ලබයි . මෙසේ දරුවන් වෙනුවෙන් ඉතාමත් සෙනෙහසින් මහත් කරුණාවෙන් කාලය යෙද වු අම්මාට එක දිනයක් වෙන් කොට උපහාර කිරිම නොව තම දිවි තිබෙන තුරු ආරක්ෂා කර රෑක බලා ගැනීම දරුවකුගේ යුතුකමක් නොවන්නේ ද ?

                                    ලෝක මව්වරුන්ගේ දිනය නමින් දිනයක් ප්‍රකාශයට පත් කර එදිනට පමණක් මවට තෑගි බෝග ලබා දෙමින් මව බැලීමට යාම ශ්‍රි ලංකාව වැනි බුදූ දහම ප්‍රතිෂ්ඨාපනය වු රටකට උචිත නොවේ . දරුවන් එනතුරු මහගෙදරට වි බලා සිටින මව්වරු කෙතෙක් සිටිද ? බොහෝ විට මව්වරුන් ගේ දිනය සැමරිම නාගරික වශයෙන් එක් දිනකට පමනක් සීමා වුවත් ග්‍රාමිය ජනතාව මව්වරුන්ට මව්වරුන් වෙනුවෙන් දිනයක් වෙන් කර තිබෙනවා දැයි පවා නොදනිති . ග්‍රාමිය ජනතාව තමා හැදූ වැඩු මවට දිනපතා ගරු සැළකිළි ලබා දෙමින් පෝෂණය කරමින් ආරක්ෂා කරන බැවිනි .

                                    අතීතයේ මෙන් නොව වර්තමානයේ දි අම්මා යන පදවියට අහිතකර ක්‍රියා සිදූ නොවනවාම නොවේ . දරුවන් වැදූ මව්වරුන් සේම හැදූ මව්වරුන් ද සමාජයේ සිටිති . එසේ ම උපන් දවසේ ම දරුවන් මහ මග දමා යන මව්වරු ද නැතිවා නොවේ . එසේ අශිලාචාර ක්‍රියා කරන මව්වරු අතර ඉතා උතුම් මව්වරුන් ද ඒ අතර සිටිම අමතක නොකල යුතු ය . මව්වරුන්ට සැළකීම එක් දිනකට පමණක් සීමා නොකර දරුවන්ගේ යුතුකම මව්වරු සැමදා පෝෂණය කිරිම ය . 



වර්තමානයේ අසන්න දකින්න ලැබෙන බොහෝ කරුණු අනුව වයස්ගත වු පසු මව්වරු මහ මග දමා යාම හෝ විවිධ වද හිංසාවන්ට ලක්විම දැක ගත හැකිය . මව්වරු තම දරුවන් පෝෂණය කර හදා වඩා හොදට උගන්වා යහපත් දරුවන් ලෙස සමාජයට දායාද කළ පසු අවසානයේ උරුම වන්නේ මහ මග හෝ වද හිංසා පමණක් ද ? මේ ඒ පිළිබදව සිතා බැලිය යුතු කාලයයි .

                                         මව්වරුන්ගේ වටිනාකම , මව් සෙනෙහස , ආදරය මිනිසුන්ට පමණක් නොව අපා , දෙපා , සිව්පා ආදී සතුන්ටත්  උරුම වුවකි . සතුන්  අතරත් මව්වරු සිටිති . තම වල්ගයෙන් මුහුදේ ජලය ඉස දරුවා fබිරා ගැනීමට ක්‍රියා කළ ලේන් අම්මාගේ කතාව මීට කදිම උදාහරණයකි . ෂත්ව ලෝකයේ සතුන් අතරත් මව් සෙනෙහස දැකගත හැකිය . සෑම අම්මා කෙනෙකුගේම ප්‍රාර්ථනය වන්නේ තම දරුවා හොදින් සිටිනු දැකීමය .එසේ සිතන අම්මා වෙනුවෙන් දිනයක් වෙන් කර එදිනට පමණක් අම්මා බැලීමට යාම මොනතරම්  අභාග්‍ය සම්පන්න තත්වයක්ද ?

                                වර්තමානයේ බොහෝ විට මව්වරුන්ගේ දිනය සැමරීම දක්නට ලැබෙන්නේ නාගරික ප්‍රදේශවලය . මේ සදහා ජනමාධ්‍ය ද ඔවුන්ගේ ජනප්‍රියත්වය මුල් කර ගනිමින් වාණිජකරණයට යොදාගෙන තිබෙන ආකාරය හදූනා ගත හැකියි . අම්මාට ලබා දෙන තෑගි බෝග පිළිබදව  හෝ මව්වරුන් වෙනුවෙන් එදිනට ලබා දෙන දෙය ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කිරිම තුළින් එමගින් ජනතාවගේ අවධානය ලබා ගැනීමට සමත් වේ . මවගේ භූමිකාව හෙවත් මාතෘත්වය අද වෙළද භාණ්ඩයක් බවට පත්ව තිfබි . අම්මාගේ ගුණ කියා නිම කළ නොහැකි නමුත් අම්මා වර්තමානයේ දී වාණිජකරනයට හසු වි තිබෙන ආකාරය හදූනාගත හැකිය . මුදල් පසුපස හඹා යන සමාජයක මුදලට තම මව්වරු පවා වෙළද භාණ්ඩයක් කිරිමට වත්මන් සමාජය කටයුතු කර තිබිම කෙතරම් අභාග්‍යයක් ද ?

                                  නිවසක ගෘහ මූලිකත්වය පියා විසින් දැරුව ද නිවසේ ශ්‍රියාකාන්තාව වන්නේ අම්මා ය . අම්මා නැති නිවස පාළු සොහොන් පිටියක් වැනිය . නිවසේ සියළු කටයුතු පිළිබදව සොයා බලන අම්මා නිවස ආලෝකමත් කරන පහනක් වැනි ය . මව්වරු වෙනුවෙන් මව් ගුණ ගී කෙතෙක් ලියවුනත් අම්මාට සළකන පිරිස ඒ අතරින් ඉතා අල්පය . අම්මා යන උතුම් පදවිය කාන්තාව ලබන උත්තරීතර පදවියකි . එය සෑම කාන්තාවකටම ලද නොහැක්කකි. හුණුවටයේ කතාවේ සදහන් වන පරිදි වැදූ මවට වඩා දරුවා හැදූ මවට මව් ගුණ මෙන්ම සැබැ මාතෘ සෙනෙහස තිබෙන බව සදහන් වේ . මවක් විසින් දරුවකු වැදූ පමනින්  අම්මා යැයි කිව නොහැකිය .

                             වර්තමානයේ ඇතැම් මව්වරුන්ගේ ක්‍රියාවන් නිසා මාතෘත්වය පිළිබද විවිධ අදහස් සමාජයේ පැවතිය ද බොහෝ අම්මාවරු සැබැ මාතෘතවය ඇති බවද අමතක නොකළ යුතුය . මව්වරුන්ට දිනයක් වෙන් කර ඔවුන්

 සිහි කිරිම නොව සැම දිනම තම මව්වරු සිහි කර ඔවුන්ට සැළකීම දරුවන්ගේ යුතුකමක් නොවන්නේ ද ?
                                  බුදූන් වහන්සේ ද දේශනා කර තිබෙන්නේ මව්වරුන්ට සැළකීම ඉතාමත් යහපත් ගුණාංගයක් බවය . මව්වරුන්ට සැළකීමට , ගරු කිරිමට එක් දිනයකට සීමා නොවි තම හදවතින්ම මව්වරුන්ට සැළකීම සිදූ කරන්නේ නම් මව්වරු මෙන්ම දරුවන් ද එකට සිටින යහපත් සමාජයක් බිහි කිරිම අසීරු නොවේ . මව්වරුන්ගේ නෙතට කදූලක් නොඑන පරිදි රැක ගැනිම කළ නොහැකි කටයුත්තක් ද නොවේ . මව්වරුන් වෙනුවෙන් දිනයක් වෙන් කිරිම සුදූසු ද නැද්ද යන්න පිළිබදව මොහොතක් සිතන්න .