පොසොන් පුර පසලොස්වක පොහොය දිනය අපට වැදගත් වන්නේ කුමක් නිසා ද යන්න හදුනා ගැනිම වැදගත් වේ .
අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨීය , උත්තිය , සම්බල ,බද්දසාල යන රහතන් වහන්සේලාත් ෂඞ් අභිඥාාලාභී සුමන සාමනේරයන් ද භණ්ඩුක නම් අනාගාමි උපාසකවරයා ද යන පිරිස ධර්ම විජය පිළිබද අනගිතම පනිවිඩය මූර්තිමත් කරමින් ශාන්තිය දූතයන් වශයෙන් අනුරපුර මිස්සක පව්වට වැඩම කර බු : ව 236 දී ලක්දිව බුදු සසුන පිහිටුවීම .
බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිදිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරිරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදිම.
ලක්දිව ප්‍රථම මහන උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්දාව සිදු වීම .
ඉන්දියාවේ පැවැත්වු තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක රජතුමාගේ පූර්ණ සහය ලබා ගනිමින් මොග්ගලිපුත්තතිස්ස මහරහතන්වහන්සේ රටවල් නවයකට ධර්මදුතයන් වහන්සේලා පිටත් කර යැවීමට කටයුතු කළහ .ඒ අනුව මිහිදු මහරහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් දුත පිරිසක් ලංකාවට වැඩමවන ලදී . අන්රටවලට වඩා ශ්‍රි ලංකාවට එවන ලද දුත පිරිස සුවිශේෂයක් ගත් බව පැහැදිලි ය . දුත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය සුහදතාවය දැඩිලෙස පැවතිම වැදගත් ලක්ෂණයකි . මිහිදු මහරහතන්වහන්සේ අශෝක අධිරාජයාගේ පුතණුවන් වන අතර සුමන සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජයාගේ සංඝමිත්තා නම් දියණියගේ පුත්‍රයා වූහ . මෙවැනි රාජකීය දුත පිරිසක් ශ්‍රි ලංකාවට වැඩම වූයේ බුද්ධ පරිනිර්වානයෙන් දෙසිය තිස්හය වන වසරෙහි පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයක බව සදහන් වේ .

තුනුරුවන් පිළිබදවත් හාසනයට ඇතුළත් වීමත් භික්ෂුන්ගේ පැවැත්මත් ධර්මයෙන් ලබා ගත හැකි අග්‍ර ඵලයත් යන වැදගත් කරුණු පිළිබදව අවබෝධයක් ලැබිය හැකි අන්දමට මෙම සුත්‍රය තෝරා ගැනීම අතිශයින් වැදගත් ය . මෙම ප්‍රථම ධර්ම දේශනාව අවසන්වත්ම මහත් ප්‍රසාදයට පත් රජතුමා ප5ධාන පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ බවට පත් වුහ . මෙම පොහොය වඩාත් වැදගත් වීමට රටේ පාලකයා බෞද්ධයකු වීම හේතුවක් විය .
No comments:
Post a Comment