කවි

                          සරුංගලේ 





  
සරුංගලේ  සරුංගලේ  කොහෙද යන්නේ         ඔබ
ඉහළ අහසේ සැරිසරමින් ඈත යන්නේ            ඔබ 
පුංචි ළමෝ සතුටු සිතින් පිනවන්නේ              ඔබ 
නූල දිගේ ඉහළ යමින් අහසේ නගින              ඔබ

නෙක නෙක හැඩ දරන පුංචි                 සරුංගලේ  
පාට පාට විසිතුරු බව ගෙනෙන              සරුංගලේ  
ඈත ඈත දුර අහසේ නගින                  සරුංගලේ  
ළමෝ ළපටි දුව පනිමින් යවයි                සරුංගලේ  

නුල දිගේ ඉහළ අහසේ නගින               සරුංගලේ  
සුළගට පාවී ඈතට ඇදෙන                  සරුංගලේ  
රූස්ස ගස් හඹා යමින් ඉහළ නගින          සරුංගලේ  
අහස් කුසම සිප ගන්නට හදන               සරුංගලේ  

වෙල් ඉපනැලි මතින් දිවෙන ළමා ළපටි       වෙති 
වැව් තාවුලු පිට්ටනි මත දිවෙන ළමෝ         වෙති
සතුටු සිතින් රැදි මන පිනවනවා සැම          නිති
සරුංගලේ   පුංචි සිතේ සදා රැදෙයි            නිති 






උඩ කරනම් බිම කරනම් ගහන               සරුංගලේ  
කෑගසමින් උඩ පනිම්න් යවන                සරුංගලේ  
ළමා කාලේ සිහිගන්වයි අපට                 සරුංගලේ  
ලොකු පොඩි සැම සිත් ගන්නා පුංචි          සරුංගලේ  

ඈත ඈත අහස් තලේ ඉහළ                   නගිනවා 
පුංචි අපට අල්ලන්නට කියලා                  කියනවා 
ටිකෙන් ටිකම ගගණ පුරා පාවී                 යනවා 
සරුංගලේවගේ මටත් ඉහළ යන්න             හිතෙනවා 
















                      සොදුරු මිතුදම 

පාසල් මව් තුරුලේ හැදි වැඩී
එකට සිප් සතර හැදැරුව මුත් 
අතලොස්සක් දෙනා පියනගන 
සොදුරු බිමකි සරසවිය 

උගත මුත් එකම දෙය 
නොහැකි විය පියනගන්නට
සොදුරු සරසවි බිමට 
තම විරිය අත නොහැර 
ඉදිරි මග පියනගන 
මහා කුළු පව්වකි මගේ මිතුර 

ඔබේ ඒ විරියේ බල 
දිනෙක යම් මතු කලෙක 
සපල වේවා යන්න 
හද තුටින් පතමි මම 
  


1 comment: