Monday 16 July 2018





      බ්‍රහ්මණ සමාජයේ වනිතාව 

 ක්‍රි. පු . 6 වන සියවසේ භාරතීය ඉන්දීය සමාජය තුළ කාන්තාවට හිමි තත්වය පිළිබදව විමසීමේ දි බ්‍රහ්මණ සමාජය කාන්තාව ඉතා පහත් කොට සළකනු ලැබීය . බ්‍රහ්මණ සමාජයේ කාන්තාව කිසිදු වරප්‍රසාදයක් හිමි නොවු සමාජයේ නින්දාවට පත් වුහ . එකළ සමාජයේ කාන්තා උපත පවා ප්‍රතික්ෂේප විය . කාන්තාව දුරාචාරයේ යෙදෙන තැනැත්තියක් ලෙස ඔවුන් සැළකුහ . බ්‍රහ්මණ ඉගැන්විම අනුව කාන්තාව සමාජයේ ජිවත්විය යුතු ආකාරය දක්වා තිබේ .
ඒ අනුව , කාන්තාව කුඩා කාලයේදී  තම පියා යටතේත්  තරුණ අවධියේදී තම  සැමියා යටතේත් මහලු වියේදි තම වැඩිමහලු පුතා යටතේත් ජිවත් විය යුතුය . වැඩිමහලු පුතෙකු නොමැති වැන්දඹු කාන්තාව තම ස්වාමියාගේ දර සෑයට පැන ඇගේ ජිවිතය පිදිය යුතුය.
භාරතීය සමාජයේ කාන්තාව පුරුෂයාගේ මෙහෙකාරියක සේ සැළකුහ . බමුණන් ප්‍රකාශ කරනු ලැබුවේ කාන්තාවක් උත්පත්තිය ලබන නිවස අභාග්‍යසම්පන්න බවය . හබැවින් භාරතීය සමාජයේ ස්ත්‍රි උත්පත්තියක් සිදු වු විට එම සිගිති දියණිය මරා දැමිම සිදු විය . එමෙන්ම බමුණන් පැවසුවේ ස්ත්‍රිය පාපකාරි බැවින් ගල් ගසා මරා දැමිය යුතු බවයි .
එමෙන්ම කාන්තාවට සමාජයේ කිසිදු වරප්‍රසාදයක් හිමි නොවීය . ඔවුන් සැළකුවේ කාන්තාව දුරාචාරයේ යෙදෙන දුශ්ශිල තැනැත්තියක බවය . කාන්තාව කෙතම් පරිස්සම් කළද ඇය දුරාචාරයේ යෙදෙන බව බමුණු මතයයි.
නමුත් භාරතීය සමාජයේ බුදු හිමි බිහිවීමත් සමග කාන්තාවට සමාජයේ නිසි ගෞරවය හිමි විය . බුදු දහමේ ව්‍යාප්තියත් සමග කාන්තාව , මවක් ලෙස , බිරිදක් ලෙස , සොහොයුරියක් ලෙස , යෙහෙළියක් ලෙස ,හා භික්ෂුණියක් ලෙස සමාජයේ වරප්‍රසාද හිමිවිය .  ස්ත්‍රි උපත පවා පිළිකුල් කළ බමුණු සමාජය බුදු දහම නිසා ස්ත්‍රිය සමාජයේ උත්තරිතරතත්වයට පත් වුහ .

No comments:

Post a Comment